Super Seed
Super Seed යනු ශාකවලට අවශ්‍ය නයිට්‍රජන් ලබා දෙන රයිසෝබියම් බැක්ටීරීයා ද්‍රාවණයකි. මෙම බැක්ටීරීයාවට රනිල කුලයේ බෝගවල මුල් තුලට ඇතුල් වී මුල ගැටිති ඇති කර ඒවා තුල ශාකයට අවශ්‍යවන නයිට්‍රජන් නිෂ්පාදනය කරනු ලැබේ. බැක්ටීරියාව මගින් ස්‍රාවය කරන එනිසයිම ආධාරයෙන් ශාකයට අවශ්‍ය නයිට්‍රජන් නොකඩවා ලබාදෙන අතර ශාකය මගින් බැක්ටීරීයාවට අවශ්‍ය පෝෂණ ද්‍රව්‍ය ලබාදේ. අප වගා කරනු ලබන පසේ සාමාන්‍යයෙන් මෙවැනි බැක්ටීරියාවන් ඇතත්, බොහෝවිට මුල ගැටිති සඳහා අවශ්‍යවන බැක්ටීරියාවම පසේ නොනිබෙන්නට පුළුවන. මේ නිසා මුං ඇට, කව්පි, සෝයා බෝංචි වැනි රනිල බෝග වගාවේදි SuperSeed බීජ ප්‍රතිකාරකයක් ලෙස යෙදීමෙන් නයිට්‍රජන් නිපදවන බැක්ටීරීයාව අවශ්‍ය ප්‍රමාණයෙන් මුල සිටම ශාකයට ලබා දිය හැක. රයිසෝබියම් බැක්ටීරියාව ශ්‍රී ලාංකික පසෙන්ම වෙන්කරගෙන upහසේ බැක්ටීරීයා පොහොර ලංකාවේම නිෂ්පාදනය කර ඇත.
Super Seed is a liquid formulation containing Nitrogen fixing bacteria Rhizobium. This bacteria can infect the roots of leguminous plants, leading to the formation of lumps or nodules where nitrogen fixation takes place. The bacterium enzyme system supplies a constant source of reduced nitrogen to the host plant and the plant furnishes nutrients and energy for the activities of the bacterium. The soil is the natural habitat of N-fixing bacteria or enough of them to really bring about good legume growth. The physical process of applying specific N-fixing bacteria to seed or soil at or before planting is called inoculation. Super Seed can be used for pulses such as Redgram, Greengram, Black gram, Cowpea, Groundnut, Soyabean or any other leguminous crop, Rhizobium bacteria were isolated from Srl Lankan soil and Super Seed is manufactured in Sri Lanka.
යොදන ක්‍රමය :
1.බීජ ප්‍රතිකාරකය
Super Feed මිශ්‍රණයෙන් මිලි ලීටර් 500 ක් සමග පිෂ්ට පියර ග්රෑම් 100 ( ශීත කල තලප ) හොදින් මිශ්‍ර කර එයට බීජ කිලෝ ග් රැම් 10 එක්කර දින දෙකක් එම මිශ්‍රණය වසා තබන්න .ඉන්පසු පිරියම් කරන ලද බීජ අස් වද්දන්න. ( ඉතා හොද අස්වැන්නක් ලබාගැනීමට බීජ කිලෝ ග්රෑම් 10 ට Super 5න් මිශ්‍රණයෙන් ලීටර් 1 යොදාගන්න )
2. පසට යෙදීම
පස් අක්කරයකට Super Seed ලීටර 3ක ප්‍රමාණයක් ජලය ලීටර 180 ක දිය කරගන්න.අස්වද්දා දින 15 ත් 20 ක කාලයකට පසුව මිශ්‍රණය බෝගයේ මූල ප්‍රදේශයට ඉසින්න.
Method of application:
1. Seed treatment:
500ml of Super Seed along with 100gms of starch powder (or cooled porridge) are mixed with 10kg of seed in a bucket and incubated for 2 hrs. Then treated seeds are taken for sowing. (For more yield, mix 10 Kg of seed with one liter of Super Seed)
2. Soil application:
3 Lit/acre: Dilute 1 lit of Super Seed in 60 liters of water (3 lit diluted in 180 liters of water), and spray around the root zone of the crop after 15-20 days of sowing.





Reviews
There are no reviews yet.